අපේ දැක්ම
තෘප්තිමත් මහජන සේවයක් සඳහා පෙලගැසුණු විශිෂ්ටයන් වීම.
අපේ මෙහෙවර
රාජ්‍ය ප්‍රතිපත්ති වලට අනුකූලව තිරසර සම්පත් කළමනාකරණය, ධනාත්මක ආකල්ප හා නිර්මාණශීලීත්වය තුළින් තෘප්තිමත් මහජන සේවයක් සැලසීම.
අලව්ව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය වූ කලී .......................
දැයට පොල් ත්‍රිකෝණය බිහි කළා වූ වයඹ පළාතේ .....
බත සැපයූ නිසා බත් කෝරළය නම් වූ සත් කෝරළය පිහිටියා වූ ......
සශ්‍රීක කුරුණෑගල දිස්ත්‍රික්කයේ .....
සාඩම්බර නටඹුන් දක්නට ඇති සිවු මහා රාජධානි අතුරින්
අති පූජනීය දළදා සමිදු වැඩ සිටියා වූද ... රාජකීය මහා සාහිත්‍ය යුගය වූ ද ....
අභිමානවත් දඹදෙනි රාජධානිය වූ ...
වත්මන් දඹදෙණිය මැතිවරණ කොට්ඨාශයේ,
සබරගමුව පලාත හා බස්නාහිර පලාත වයඹ පලාතට විවර කරනා වයඹ දොරටුව
හෙවත් අලව්ව නගරය කේන්ද්‍ර කරගනිමින්,
වර්ග සැතපුම් 45ක් පුරා, ග්‍රාම සේවා වසම් 66කින් යුතුව,
වරකාපොල,පොල්ගහවෙල,මීරිගම,පන්නල සහ නාරම්මල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ
මධ්‍යයේ අලව්ව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය
පිහිටුවා ඇත්තේය.................!
අලව්ව ප්‍රාදේශීය ලේකම්වරු
| නම | සිට | දක්වා | |
| ඒ.ඒම් ජයෙස්න මයා | ප්‍රාදේශීය ආදායම් පාලක | 1972 | 1977 |
| එස්.ඩී.ඊ ලෝරන්ස් මයා | ප්‍රාදේශීය ආදායම් පාලක | 1977 | 1980 |
| එච්.එම්.ටී බණ්ඩා මයා | ප්‍රාදේශීය ආදායම් පාලක | 1980 | 1983 |
| ඒ.ඩබ් අබේසේකර මයා | උප දිසාපති | 1983 | 1987 |
| ඒ.ඩබ් අබේසේකර මයා | ප්‍රාදේශීය ලේකම් | 1987 | 1992 |
| එච්.එම්.ජී හිටිසේකර මයා | ප්‍රාදේශීය ලේකම් | 1992 | 1997 |
| එම්.ඒ.බී.ඩබ් බණ්ඩාරනායක මයා | ප්‍රාදේශීය ලේකම් | 1997 | 1998 |
| ඊ.එම්.ඩී.බී ඒකනායක මයා | ප්‍රාදේශීය ලේකම් | 1998 | 2001 |
| එල්.එම් රම්‍යසිරි මයා | ප්‍රාදේශීය ලේකම් | 2001 | 2002 |
| ඒ. සමරකෝන් මයා | ප්‍රාදේශීය ලේකම් | 2002 | 2007 |
| වජිර කඹුරැගම මයා | ප්‍රාදේශීය ලේකම් | 2008 | 2009 |
| ජයවර්ධන එම් පතිරත්න මයා | ප්‍රාදේශීය ලේකම් | 2010 | 2011 |
| එම්.ඩී.එස් බෙලිගොල්ල මයා | ප්‍රාදේශීය ලේකම් | 2011 | 2016 |
| පී සුසන්ත ජයතිලක මයා | ප්‍රාදේශීය ලේකම් | 2016.04.07 | 2020 |
| එම්.ආර්.එම්.එස්. මල්ලව | ප්‍රාදේශීය ලේකම් | 2020.05.22 |
















