ඉඩම් : -

ඉඩම් සංවර්ධන ආඥාපණත හා ඉඩම් ප්‍රදාන විශේෂ විධිවිධාන පණත යටතේ බෙදා දී ඇති දීමනාපත්‍රවල පසු කටයුතු සම්බන්ධව ක්‍රියාකල යුතු ආකාරය හා ඒ හා සම්බන්ධ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගෙන ආ යුතු ලේඛණ පිළිබඳ දැනුවත් කිරීම :-

දීමනාපත්‍රයේ / නියාදන සාදන පත්‍රයේ,

  • අනුප්‍රාප්තිය නම්කිරීම
  • මුල් උරුමය නම්කිරීම
  • ප්‍රදාන පත්‍රය උකසට තබා, ණය මුදලක් ලබා ගැනීම,
  • ප්‍රදාන පත්‍රය පැවරීම/ බැහැර කිරීම

01.ප්‍රදාන පත්‍රයේ අනුප්‍රාප්තිය / පසු උරුමය නම් කිරීමට අවශ්‍ය  නම්,

            අනුප්‍රාප්තිය යනු දීමනාපත්‍රකරු මියගිය පසු ඉඩමේ නීත්‍යානුකූල හිමිකාරීත්වය පැවරෙන්නාය.

            දීමනාකරු ජීවතුන් අතර සිටියදී, කලත්‍රයාට හෝ ඉ.සං.ආ.පණතේ තුන්වන උපලේඛණයේ ලේ ඥාතියෙකු නම් කළ හැක.

            3 වන උප ලේඛණයේ ලේ ඥාතීන්ගේ පෙළ ගැස්වීම පහත ආකාර වේ.

            (ඉ.සං.ආ. පණතේ 72 වගන්තියේ 3 වන උපලේඛණයට අනුව)

  1. පුත්‍රයන්
  2. දියණියන්
  3. මුණුපුරන්
  4. මිණිපිරියන්
  5. පියා
  6. මව
  7. සහෝදරයන්
  8. සහෝදරියන්
  9. මාමලා
  10. නැන්දලා
  11. බෑණලා
  12. ලේලිලා

(මාමලා යන ගණයට පියාගේ සහෝදරයින්ද,නැන්දලා යන ගණයට මවගේ සහෝදරියන්ද ඇතුළත් වේ. බෑණලා ලේලිලා ගණයට පියාගේ සහෝදරයින්ගේ දරුවන්ද,මවගේ සහෝදරයින්ගේ දරුවන්ද ඇතුළත් වේ.)

අනුප්‍රාප්තිය නම් කිරීමේදී වැදගත් කරුණු : -

  • අවිවාහක දීමනාපත්‍රකරුවකු කරනු ලබන පසු උරුමය නම් කිරීම එම අයගේ විවාහයත් සමඟ අවලංගු වේ.
  • දීමනාපත්‍රයක අනුප්‍රාප්තිකයා වශයෙන් කලත්‍රයා නම් නොකර දීමනාපත්‍රකරු මියගියේ නම් කලත්‍රයාට ජීවිත භුක්තිය හෝ පසු උරුමකරු ලෙස නම්කර සිටියේ නම්,කලත්‍රයාට මුල් අයිතියද හිමි වේ.
  • ඉඩමේ කොටසකට පසු උරුමය නම් කිරීම බල රහිත වේ.
  • දීමනා පත්‍රයේ සඳහන් අවම බෙදුම් සීමාවන්ට යටත්ව පසු උරුමකරුවන් කිහිප දෙනෙකු නම් කිරීමට දීමනාපත්‍රකරුට හැකියාව ඇත. මෙහිදී ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අනුමැතිය ඇතිව පුද්ගලිකව මැණුම් කටයුතු සිදුකිරීම කළහැකිය. (අදාල කැබලි සඳහා පසු උරුමකරුවන් නම් කළ යුතුය.)
  • නම් කළ පසු උරුමය ඕනෑම අවස්ථාවක අවලංගු කිරීමටත් නැවත නම් කිරීමටත් දීමනාපත්‍රකරුට හැකිය.
  • නම් කළ පසු උරුමය දීමනාපත්‍රකරු ජීවතුන් අතර සිටියදී ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ ලියාපදිංචි විය යුතුය.නැතහොත් බලරහිත වේ.
  • අන්තිම කැමති පත්‍රය මඟින්ද 3 වන උප ලේඛණයේ ඥාතීන්ට සහ කලත්‍රයාට පසු උරුමය නම්කළ හැකිය

අනුප්‍රාප්තිකයෙකු ලෙස නම් කළ හැක්කේ.......

  • ඉඩම් සංවර්ධන ආඥා පනතේ 3 වන උපලේඛණයේ සඳහන් අය අතරින් ඕනෑම අයෙකුට
  • ප්‍රධාන පත්‍රකරුගේ කලත්‍රයාට
  • කුලවැද්දූ දරුවන්ට

දීමනාපත්‍රයක අනුප්‍රාප්තිය නම් කිරීමට ඔබ ප්‍රාදේශීය ලේකම් වෙත ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛණ :-

  1. අදාළ වසමේ ග්‍රාම නිලධාරී විසින් සහතික කරන ලද ප්‍රදාන පත්‍රකරුගේ ඉල්ලීමේ ලිපිය.
  2. දීමනාපත්‍රයේ ඡායා පිටපත.
  3. පත්ඉරු.(මාස 03 ක් ඇතුළත ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලය)
  4. ප්‍රදාන පත්‍රකරු හා පසු උරුමයට නම් කරන ලේ ඥාතියා හෝ ඥාතීන් අතර ඥාතීත්වය සනාථ කරන ලේඛණ - උප්පැන්න සහතිකය, විවාහ සහතිකය
  5. නමේ වෙනසක් ඇත්නම්, දිවුරුම් ප්‍රකාශ මඟින් තහවුරු කිරීම.
  6. එක් අයෙකුට වඩා අනුප්‍රාප්තියට නම් කරනවානම්, ඒ අනුව සකස්කර ගත් අතුරු පිඹුර.
  7. අවලංගු නොකළ රු.25/- මුද්දරය.
  8. සියලුම ඡායා පිටපත් ග්‍රාම නිලධාරී විසින් සහතික කළ යුතුය.
  • ග්‍රාම නිලධාරී විසින් සහතික කිරීම සඳහා යා කර ඇති අංක 01 ආකෘතිය සම්පූර්ණ කර කාර්යාලයෙන් ලබාදෙන ඉ.කො.155 ආකෘතියද සම්පූර්ණ කර දීමනාපත්‍රකරුගේ හා කලත්‍රයාගේ ප්‍රකාශ ලබාගැනීමෙන් අනතුරුව ඉ.කො.155 අකෘතිය පිටපත් 03 කින් යුතුව සකස්කර ලියාපදිංචි කිරීම සඳහා ඉඩම් රෙජිස්ට්‍රාර් වෙත යවනු ලබයි.

ලියාපදිංචි කර එවූ පසු ඉ.කො.155 අකෘතිය - ප්‍රදානකරු වෙත ලබා දෙනු ලැබේ.

2.(i) දීමනාපත්‍රයක මුල් උරුමය සහතික කිරීම

            ඉඩම් සංවර්ධන ආඥා පණත යටතේ දෙනු ලබන දීමනාපත්‍රයක දීමනාපත්‍රකරු ජීවතුන් අතර සිටියදී පසු උරුමය නම් නොකර මියගියහොත් කලත්‍රයාට ජීවිත භුක්තියද, ජිවිතභුක්තිකරු ඇවෑමෙන් ඉඩම් සංවර්ධන ආඥා පණතේ තුන්වන උපලේඛණයට අදාළව ප්‍රම්‍රඛතාවය අනුව මුල් උරුමයද, පසු උරුමය නම් කර ඇති අවස්ථාවක, දීමනාපත්‍රකරු හා කලත්‍රයා මියයෑමෙන් පසු එම අයට මුල් උරුමය හිමිවේ.

(ii) ඉඩම් ප්‍රදාන විශේෂ විධිවිධාන පණත යටතේ දෙන ලද නියාදන සාධන පත්‍රයක මුල් උරුමය,

  • නියාදන සාදනපත්‍රකරු පසු උරුමය නම් නොකළ මියගිය විට, කලත්‍රයාට මුල් උරුමය හිමි වේ,කලත්‍රයාද මියගොස් ඇත්නම් ඉඩම් සංවර්ධන අඥා පණතේ 10 වන වගන්තියේ මුල් උරුමය වේ.
  • නියාදන සාදනපත්‍රකරු පසු උරුමය නම් කර මිය ගිය විට පසු උරුමකරුවන්ට මුලු උරුමය හිමිවේ.

දීමනාපත්‍රයක මුල් උරුමය ලබාගැනීම සඳහා ඔබ ප්‍රාදේශීය ලේකම් වෙත ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛණ:-

  1. අදාළ වසමේ ග්‍රාම නිලධාරී විසින් සහතික කරන ලද පසු උරුමකරුගේ/ කරුවන්ගේ මුල් උරුමකරුගේ නියාදන සාදනපත්‍රයක නම්,කලත්‍රයාගේ පසු උරුමය නම් කර ඇත්නම් එම අයගේ ඉල්ලීමේ ලිපිය
  2. දීමනා පත්‍රයේ/ නියාදන සාදනපත්‍රයේ ඡායා පිටපත
  3. මාස 03 ක් ඇතුලත ලබාගත් පත්ඉරු
  4. ඥාතීත්වය තහවුරු කිරීමට අදාළ වන උප්පැන්න සහතික විවාහ සහතික හා මරණ සහතික
  5. දීමනාපත්‍රකරුගේ/ නියාදන සාදනපත්‍රකරුගේ මරණ සහතිකය
  6. නමේ වෙනසක් ඇත්නම් දිවුරුම් ප්‍රකාශ මඟින් තහවුරු කිරීම.
  7. පසු උරුමකරුවන් කිහිපදෙනෙකු සිටීනම් අතුරු පිඹුර
  8. අවලංගු නොකළ රු.25/- මුද්දර
  9. සියලුම ඡායා පිටපත් ග්‍රාම නිලධාරී විසින් සහතික කළ යුතුය.
  • සියලු ලිපි ලේඛණ සමඟින් මේ සමඟ යා කර ඇති අංක 02 ග්‍රාම නිලධාරී මඟින් සම්පූර්ණ කර කාර්යාලය වෙත යොමු කිරීමෙන් පසු අදාළ මුල් උරුම සකස් කර ලියාපදිංචිය සඳහා ඉඩම් රෙජිස්ට්‍රාර් වෙත යවනු ලැබේ. ලියාපදිංචි වී කාර්යාලයට ලැබුණු පසු අදාළ මුල් උරුමකරුවන්ට ලබා දෙනු ලැබේ.

3.ඔබේ දීමනාපත්‍රය උකසට තබා, ණය මුදලක් ලබා ගැනිමට අවශ්‍ය නම්........

 * මහබැංකුවේ ලියාපදිංචි ඕනෑම මූල්‍ය ආයතනයක් වෙත දීමනාපත්‍රය ඇප සුරක්ෂිතයක් ලෙස තබා ණය මුදලක් ලබා ගත හැක.

      ඉදිරිපත් කලයුතු ලිපි ලේඛණ :-

  1. වසමේ ග්‍රාම නිලධාරී විසින් සහතික කරන ලද, දීමනාපත්‍රකරුගේ ඉල්ලීමේ ලිපිය.
  2. දිමනාපත්‍රයේ,රේඛා චිත්‍රය,අතුරු පිඹුර,හා මාසයක් තුළ ලබාගත් පත්ඉරු සටහන් වල ඡායා පිටපත් (ග්‍රාම නිලධාරී විසින් සහතික කරන ලද)
  3. ග්‍රාම නිලධාරී විසින් සහතික කරන ලද,කලත්‍රයාගේ එකඟතා ලිපිය
  4. අදාළ මුල්‍ය ආයතනය ණය ලබා දෙන බවට බැංකු කළමනාකරුගේ එකඟතා ලිපිය
  5. දීමනාපත්‍රයේ පසු උරුමයන් නම් කර තිබේනම් එම අයගේ එකඟතා ලිපි(ග්‍රාම නිලධාරී සහතික කරන ලද)

*සියලු ලිපි ලේඛණ සමඟින් මේ සමඟ යා කර ඇති ආකෘති අංක 03 ග්‍රාම නිලධාරී මඟින් සම්පූර්ණ කර කාර්යාලය වෙත යොමු කිරීමෙන් පසු අනුමැතිය ලබා දෙන ලිපිය නිකුත් කෙරේ.

  • මූල්‍ය ආයතනයනට දීමනාපත්‍රය ඇප සුරක්ෂිතයක් ලෙස තැබීමෙන් පසුව දිමනාපත්‍රකරුගේ විශේෂ අවධානයට ලක් විය යුතු කරුණු,

*දීමනාපත්‍රය ඇපයට තැබූ පසුවද ඡායා පිටපතක් තමා ළඟ තබා ගැනිම

*ගිවිසුම්ගත පරිදි ණය මුදල ගෙවීම.

ඔබගේ දීමනාපත්‍රය ඇප සුරක්ෂිතයක් ලෙස තබා, දරුවෙකුට ණය මුදලක් ලබා ගැනිමට අවශ්‍ය නම්,        ණය ලබා ගැනීමට අපේක්ෂිත මූල්‍ය ආයතනයේ හවුල් ගිණුමක් විවෘත කිරීමෙන් එම අවශ්‍යතාවය ඉටුකර ගත හැකිය.

*ණය මුදල ගෙවා ,අවසන් වූ පසු මූල්‍ය ආයතනය මඟින් ඒ බව අදාළ ඉඩම් රෙජිස්ට්‍රාර් වෙත දන්වා,ඔබගේ ප්‍රධානපත්‍රය ඇපකරයෙන් නිදහස් බව ලියාපදිංචි කර ගන්න.

4.දීමනාපත්‍ර ඉඩමක් පැවරිම / බැහැර කිරීමට ඔබට අවශ්‍යද ?

ප්‍රදානපත්‍ර ඉඩමක් පැවරීම/බැහැර කිරීමේදී ප්‍රාදේශීය ලේකම්ගේ පූර්ව ලිඛිත අවසරය ලබා ගැනීම අවශ්‍ය වේ. ප්‍රාදේශීය ලේකම්ගේ එකඟතාවය ලබාදීමේදී ප්‍රදානපත්‍රකරු හෝ පවුලේ අය අනාථ අසරණතාවයට පත්වන්නේද යන්න විශේෂයෙන් සොයා බලනු ඇත.තවද කලත්‍රයාගේ සහ දරුවන්ගේ ලිඛිත එකඟතාවය ලබා ගැනීමද අවශ්‍ය වේ.

ප්‍රදාන පත්‍රයක් පැවරිම/ බැහැර කිරීම කළ හැක්කේ......

      *පැවරීමක් නම් ඉඩම් සංවර්ධන අඥා පණතේ තුන්වන උපලේඛණයේ සඳහන් අය අතරින් ඕනෑම අයෙකුට හා කලත්‍රයාට

      *බැහැර කිරීමක් නම්, ගොවි පන්තියේ නියමිත ආදායම් සීමාවට අයත් අයෙකුට පමණි.

ප්‍රදානපත්‍රයක් පැවරීමට / බැහැර කිරීමට අනුමැතිය ලබා ගැනීමට ඔබ ප්‍රාදේශීය ලේකම් වෙත ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛණ : -

  1. අදාළ වසමේ ග්‍රාම නිලධාරී විසින් සහතික කරන ලද ,ප්‍රදානකරුගේ ඉල්ලීමේ ලිපිය
  2. දී ප්‍රදාන පත්‍රයේ ඡායා පිටපත
  3. මාසයක් ඇතුළත ලබා ගත් පත්ඉරු
  4. අතුරු පිඹුරු අවශ්‍යනම් ඉදිරිපත් කළ යුතුය.( ඉඩමෙන් කොටසක් බැහැර කරන්නේනම් හෝ කිහිප දෙනෙකුට බැහැර කරන විට)
  5. ඉඩම් සංවර්ධන ආඥා පණතේ තුන්වන උපලේඛණයේ සඳහන් අය නමින් පවරන්නේනම් ප්‍රදානපත්‍රකරු සමඟ ඇති ඥාතීත්වය තහවුරු කිරීමට අවශ්‍ය උප්පැන්න සහතික හා විවාහ සහතික.
  6. නමේ වෙනසක් ඇත්නම් දිවුරුම් ප්‍රකාශ
  7. ප්‍රදානපත්‍රකරු සතු හෝ කලත්‍රයා සතු වෙනත් ඉඩම් වලට අදාළ ඔප්පුව හා පත්ඉරු
  8. බැහැර කරන ඉඩම් සම්බන්ධයෙන් ඉදිරියේදී අයිතිවාසිකම් නොකියන බවට හා බැහැර කිරීම හේතුවෙන් පවුලේ කිසිවෙකු අනාථභාවයට පත් නොවන බවට දිවුරුම් ප්‍රකාශයක්
  9. සියලුම ඡායා පිටපත් ග්‍රාම නිලධාරී විසින් සහතික කළ යුතුය

*ඉහත ලිපි ලේඛණ නිවැරදිව ඇත්නම් ප්‍රකාශ ලබා ගැනීම සඳහා ජාතික හැදුනුම්පතද රැගෙන නියමිත දිනට අදාළ අය සමඟ කාර්යාලයට පැමිණිය යුතුය.තවද මේ සමඟ යා කර ඇති ආකෘති අංක 04 ග්‍රාම නිලධාරී මඟින් සම්පූර්ණ කර කාර්යාලයට ලබා දීමෙන් අනතුරුව,

       පැවරීම සඳහා ප්‍රාදේශීය ලේකම්ගේ අනුමැතිය ලැබුණු පසුව සුදුසු නොතාරිස්වරයෙකු ලවා පැවරුම්කරයේ කෙටුම්පත සකස් කර එය ප්‍රාදේශීය ලේකම් වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එහි නිරවද්‍යතාවය තහවුරු කර ගැනීමෙන් පසුව පැවරුම්කරය සකස් කරගන්න.

*නියාදන සාදන පත්‍ර ඉඩමක් නම්, ප්‍රාදේශිය ලේකම්ගේ නිර්දේශය සමඟ පළාත් ඉඩම් කොමසාරිස්ගේ අනුමැතියට යොමු කරනු ඇත.

 

01.අතුරු බෙදිම් අවසර නොමැති දීමනාපත්‍ර සඳහා නව දිමනාපත්‍රයක් සකස් කිරීම:-

දැනට නිකුත් කර ඇති දීමනාපත්‍රවල සමහර අතුරු බෙදීමට අවසර නොමැත යන කොන්දේසිය ඇතුළත් කර ඇත. තවත් කොටස්ක බෙදීමට අවසර ඇති නමුත් ½ ට හෝ 1/3 වැඩි කොටසකට බෙදීමට අවසර නොමැති බවට කොන්දේසියක් ඇතුළත් කර ඇත.

මෙවැනි දිමනාපත්‍ර හිමිකරුවන් අතර හෝ දැනට ඉඩමේ පදිංචිව සිටින පුද්ගලයන් අතර පවරා දිමට නොහැකි වීමෙන් ගැටළු සහගත තත්වයක් හටතන්නා අවස්ථා ඇත.

මෙම ගැටළු නිරාකරණය කර ගැනීම සඳහා මෙම බෙදීමට අවසර නොමැති දීමනාපත්‍ර හා කොන්දේසි ඇතුළත් කර ඇති දීමනුපත්‍ර රජයට භාර ගෙන එම දිමනාපත්‍ර කරු නමින් බෙදිමට අවසර අති.දිමනාපත්‍රයක් සකස් කර ගැනීමේ හැකියාවක් ඇත.

අවශ්‍ය ලේඛන:

  1. දිමනාපත්‍රකරු / මුල් උරුමකරුගේ ඉල්ලීම
  2. දීමනාපත්‍රයේ/මුල් උරුමය පැවරීමේ මුල් පිටපත් හා සහතික කරන ලද ඡායා පිටපත්
  3. රේඛා මිනුම්
  4. දිමනාපත්‍රයට අදාළ පත්ඉරු සියල්ල හා ඒවායේ ඡායාපිටපත්
  5. දිමනාපත්‍රය රජයට භාරගැනීමට අදාළව ඇති ඇමුණුම්
  6. දඋමනාපත්‍රයට අදාළ විස්තර සම්බන්ධයෙන් ග්‍රාම නිලධාරී වෙතින් ලබා ගන්නා විස්තර වාර්තාව

මෙම ලේඛඛ කාර්යාලයට භාර ගැනීමෙන් අනුරුව දීමනා පත්‍රය රජයට භෘරගැනීය සඳහා පළාත් ඉඩම් කොමසාරිස්ගේ අනුමැතිය ලබා ගැනීම සඳහා ඇමුණුම 01 අකෘතිය සකස් කර අදාළ ලේඛණ ප.ඉ.කො. වෙත යොමු කරනු ලබයි. දීමනාපත්‍රය සකස් කිරීමට අදාළ තොරතුරුද සංයුක්ත තැටියකට ඇතුළත් කර ප.ඉ.කො. වෙත යොමු කරනු ලබයි. ප.ඉ.කො. විසින් එම තොරතුරු පරීක්ෂා කර බලා ඉඩම් කොමසාරිස් ජනරාල් වෙත යවනු ලබයි. ඉඩම් කොමසාරිස් කාර්යාලය විසින් නව දචීමනාපත්‍රයක් සකස් කර ජනාධිපතිතුමාගේ ප්‍රතිරූප අත්සන ලබාගෙන නව දිමනාපත්‍රය කාර්යාලය වෙතට එවනු ලබයි. එහිදී දීමනාපත්‍රනරු කාර්යාලයට කැඳවා රු.100/- ක සේවා ගාස්තුවක් අය කිරීමෙන් අනතුරුව දීමනාපත්‍රය ලියාපදිංචි වී කාර්යාලයට ලැබුණු පසු දීමනාපත්‍රකරු වෙත භාරදෙනු ලබයි.

රජයේ දෙපාර්තමේන්තු ,අමාත්‍යාංශ සඳහා රජයේ ඉඩම් නිදහස් කිරීම.

  1. රජයේ දෙපාර්තමේන්තුවකට ඉඩමක් අවශ්‍ය වූ විට දෙපාර්තමේන්තු ප්‍රධානියා විසින් ප්‍රාදේශීය ලේකම් වෙත ඉල්ලීමක් ඉදිරිපත් කළ යුතුය.
  2. අදාළ ඉඩම ප්‍රාදේශීය ලේකම් විසින් පරීක්ෂා කර නිදහස් කිරීමට යෝග්‍යයැයි තීරණය කළ යුතුය
  3. නිදහස් කිරීමට සුදුසුයැයි තීරණය කිරීමෙන් පසු,
  • ඉඩම් අනුරේඛ්‍යයක්
  • පළාත් පාලන ආයතනයේ එකඟතාව ප්‍රකාශිත ලිපිය
  • දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ ඉල්ලීම් ලිපිය
  • රජයේ ඉඩම් ආඥා පනතේ 14 වැනි පරිශ්ෂ්ඨය අනුව වාර්තාවක්, සමඟ පළාත් ඉඩම් කොමසාරිස් වෙත ඉදිරිපත් කළ යුතුය
  1. ඉඩම් කොමසාරිස් ජනරාල්ගේ අනුමැතිය ලැබීමෙන් පස් එම ලිපිය සමඟ එවනු ලබන රජයේ දෙපාරුතමේන්තු වලට ඉඩම් ලබා දිම පිළිබඳ සහතිකය පිටපත් 4ක් සම්පූර්ණ කර දෙපාර්තමේනුතු හෝ අමාත්‍යාංශ පුධානියා සහ ප්‍රාදේශීය ලේකම් විසින් අත්සන් තැබීමෙන් අනතුරුව එහි මුල් පිටපත අදාළ ආයතනය වෙත ලබා දිය යුතුය. එක් පිටපතක් ඉඩම් කොමසාරිස් ජනරාල් වෙතත් එක් පිටපතක් පළාත් ඉඩම් කොමසාරිස් වෙතත් යැවිය යුතු අතර ඉතිරි පිටපත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙහි ගොනු කර තැබිය යුතුය.

පළාත් පාලන ආයතනය සඳහා ඉඩම් පැවරීමට පැවරුම් නියෝග ලබා ගැනිම.

  1. ප්‍රාදේශීය ලේකම් වෙත ඉල්ලීමක් ඉදිරිපත් කළ යුතු අතර ප්‍රාදේශීය ලේකම් ඉල්ලීම පිළිබඳ සෑහීමකට පත් වන්නේ නම් නිර්දේශ කළ යුතුය.
  2. අදාළ ඉඩම පවරා දීම සම්බන්ධයෙන් පළාත් පාලන කොමසාරිස් හෝ එකඟතාවය ලබා ගත යුතුය.
  3. අදාළ ඉඩමේ අනුරේඛණයක් හා වාර්තාවක් පළෘත් ඉඩම් කොමසාරිස් වෙත ඉදිරිපත් කළ යුතුය.
  • මේ සඳහා අතිගරු ජනාධිපතිතුමාගේ අනුමැතිය ලැබීමෙන් පසු “V” අක්ෂරයේ රේඛා චිත්‍රයක් ලබා ගෙන එය ඉඩම් කොමසාරිස් ජනරාල් වෙත යැවිය යුතුය.
  1. ඉඩම් කොමසාරිස් ජනරාල් විසින් පැවරුම් නියෝග සකස් කර එහි පිටපත් 02 ක් ප්‍රාදේශීය ලේකම් විසින් සහ පළාත් පාලන ආයතන ප්‍රධානියා විසින් අත්සන් කළ යුතුය. එහි මුල් පිටපත රේඛා චිත්‍රයේ අමුණා අදාළ පළාත් පාලන ආයතනය වෙත භාරදිය යුතුය.

 

 

ඉඩම් අත්පත්: -

ඉඩම් අත්කර ගැනීමේ පනත ( 460 වන පරිච්ඡේදය)

  • ඉඩම් අත්කර ගැනීම යනු -

සමාජයේ පොදු යහපත සඳහා සම්මත නෛතික ක්‍රියාවලියක් මගින් මහජනයා වෙනුවෙන් රජය විසින් පෞද්ගලික දේපළක / දේපළ අයිතිය / අයිතීන් අත්කර ගැනීම ඉඩම් අත්කර ගැනීම යනුවෙන් අදහස් වේ.

  1. ඉඩම අත්කර ගැනීමට අවශ්‍ය ආයතනය / අමාත්‍යාංශය
  2. ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශය
  3. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
  4. මිනින්දෝරු දෙපාර්තමේන්තුව
  5. රජයේ මුද්‍රණාලය
  6. තක්සේරු දෙපාර්තමේන්තුව
  7. පුවත්පත් ආයතන
  8. ඉඩම් රෙජිස්ටාර් කාර්යාලය
  9. වන්දි සමාලෝචන මණ්ඩලය

 land acquisition2

News & Events

01
Dec2022
"Aswennaka Waruna" Programme

"Aswennaka Waruna" Programme

"Aswannaka Waruna" an event featuring rituals and...

10
Nov2022
Blood Donation Program - 2025

Blood Donation Program - 2025

Blood Donation Program The blood donation program,...

Scroll To Top